පැයකින් දෙකකින් රටේ ඕනෑම මනුස්සයෙක් වගේ වෙස් පෙරලගන්න පුළුවන් අපූරූ තරුණිය
ලොව ජීවත්වන විවිධාකාර හැකියාවන් ඇති පුද්ගලයන් ගැන අපට විවිධ අවස්ථාවන්හීදී අසන්නට ලැබෙනවා... අද අපි ඔබට කියන්න යන්නෙත් සුවිශේෂ හැකියාවක් ඇති ලාංකීය තරුණියක් ගැන...
ආයුර්වේද වෛද්‍යවරියක් වෙන්න ඉගෙන ගන්න ඇයව මේවෙනකොට සමාජ ජාලා මාධ්‍යය භාවිතා කරන ඔබට නම් අමුත්තියක් වෙන්න බැහැ..
වේශ නිරූපණය තුළින් විවිධ ජනප්‍රිය අය ලෙස තමන්ගේ මුහුණ වෙනස්කර ගනිමින් මේ දිනවල සමාජ ජාලා මාධ්‍යය තුළ ජනප්‍රියත්වයට පත්වෙලා ඉන්න ඇය නමින් රශ්මි භාග්‍යා රන්දුනු..
මේවෙද්දී ඇගේ දක්ශතාවයන් ගැන ඇගේ වීඩියෝ බලපු ඔබට අපි අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.. ඉතින් ඇය ජැක්සන් ඇන්තනී, ශිහාන් මිහිරංග ලෙස වගේම දේශපාලකයන් ලෙසත් හැඩවෙලා තියෙනවා අපට දැකගන්නට ලැබුණා...
අවම පහසුකම් යටතේ වුණත් මේ අපූරූ වැඩේ කරන්නේ ඇයගේ ඒ දක්ෂකම නම් ඉතාමත් ඉහලයි.
ඇය කියන විදිහට නම් මේ වේශ නිරූපනයක් සඳහා පැය 1-2ත් අතර කාලයක් යනවලු.
කොහොම වුණත් ඇයගේ මේ දක්ෂතාවය ගැන නම් සමාජ ජාලා තුල ඇයගේ රසික රසිකාවියන්ගෙන් තියෙන්නේ ඉතාමත් ඉහල පැසසුම්.





Comments
Post a Comment