අවිශ්ක ප්‍රනාන්දුට වෙච්චි දෙයක් නැහැ... අතුරුදන් වු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයාට ඇත්තටම මොකක්ද වුණේ..?


 ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරපු කවුරුත් ආදරය කරන සුපිරි ක්‍රිකට් තරුවක් තමයි අවිශ්ක ප්‍රනාන්දු කියන්නේ... 

කොහොම නමුත් දක්ෂතා අතරට ආපු මේ ක්‍රීඩකයා ගැන පහුගිය කාලයේ වැඩි කතාබහක් තිබුනේ නැහැ..

කොහොම වුණත් අද ඇහෙන්නේ ඒ ගැන මෙන්න මේ වගේ කතාවක්....

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය ඉවත් විය යුතු බවට වන ඒකාබද්ධ යෝජනාව පිළිබද විවාදය මේ වනවිට පාර්ලිමේන්තුවේ ආරම්භ වී තිබෙනවා...

එහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ස්ථාවර ආරම්භක පිතිකරුවන් දෙදෙනෙක් නොමැති බවයි...

කණ්ඩායමේ සිටි අවිශ්ක ප්‍රනාන්දුට කුමක් සිදු වූයේ ද යන්න පසුගිය දිනක මුත්තයියා මුරලිදරන් ද ප්‍රසිද්ධියේ විමසා සිටි බවයි එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ...

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ,

''අවිශ්ක ප්‍රනාන්දුට වෙච්ච දෙයක් හොයාගන්නවත් නෑ.. මේ රටේ විතරයි ක්‍රීඩකයෝ ඔහොම අතුරුදන් වෙන්නේ. වෙන කිසිම රටක මෙහෙම වෙන්නේ නෑ.. තේරීම් කමිටුව තමා මේ විදිහට ක්‍රීඩකයෝ අතුරුදන් වෙන එකට වග කියන්න ඕනේ..ඩොලර් 20,000ක පඩියකුත් අරන් මෙහෙම වෙන්නේ. අවිශ්ක ප්‍රනාන්දු 2019 වර්ල්ඩ් කප් එකේදී සෙන්චරි දෙකක් ගැහුවා.. ඒ නිසා තමා ක්‍රිකට් ක්‍රීඩකයින්ට විශ්වාසයක් නැත්තේ.. හෙට මාව කපයි ද කියලා බයෙන් ඉන්නේ.. ඒකයි ක්‍රීඩකයෝ සමත්භාවය වෙනුවට අසමත්භාවය පෙන්වන්න හේතු වෙන්නේ.''

උපුටා ගැනීම හිරු නිව්ස්



Comments