"ඇස් දෙකෙන් විද්ද හී පපු ගැඹුර හූරයි - නුඹ ඉද්දී ජීවිතේ ඇත්තටම මාරයි.. " බලාපොරොත්තු ඉටුවෙච්චි දිනයක ඇය දැණුන හැටි ගැන කසුන් එක්කළ සටහන
මාදවී ගැන වගේම කසුන් ගැන අපි ඔබට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.. මොකද ඔවුන් ගැන මේවෙද්දී අපේ රටේ නොදන්නා කෙනෙකු නැති තරම්...
කොහොම නමුත් ඊයේ දිනය මේ දෙන්නාට සුවිශේෂ දිනයක් බවට පත්ව තිබුණා. ඒ ඔවුන්ගේ බලාපොරොත්තුවක් ඉටුවෙච්චි දිනයක් නිසාවෙන්.
ඒ දෙන්නාගේම බලාපොරොත්තු ඉටුවුණ ඒ වෙලාව ගැන හරිම ආදරණීය විදිහේ සටහනක් කසුන් එයාගේ සමාජමාධ්යවලට එකතු කරලා තිබුණේ මෙන්න මෙහෙමයි...
මුල්වරට දුටු මොහොත තාම මට හීතයිඇස්දෙකෙන් විද්ද හී පපු ගැඹුර හූරයි
ආදරේ ඔරසමකි තොල් අතර පීනයි
නුඹ ඉද්දි ජීවිතේ ඇත්තටම මාරයි !


Comments
Post a Comment