"මම මුහුණ දුන්නු සමහර දේ මම හිතේ හංගාගෙන ඉදලා තියෙනවා" කාවින්ද්‍යා අධිකාරි


 කාවින්ද්‍යා අධිකාරි කියන නම මේවෙද්දී ලංකාවේ කොයි කාටත් හුරුපුරුදු නමක්.. ඒ බව නොරහසක්. කොහොම නමුත් පහුගිය දින කිහිපය පුරාවට ඇය ගැන බොහෝදෙනෙක් වැඩිපුර කතා කරන්න පටන් අරගෙන තිබුණා... 

ඒ ඇගේ විවාහය පහුගිය දවසක සිදුවීම නිසාවෙන්.  කොහොම නමුත් කාවින්ද්‍යා කියන්නේ "  කවදාවත් බදින්නේ නැහැ " කියන තැන හිටපු කෙනෙක්.. නමුත් ඇගේ හිත වෙනස් කරන්න සංගීත ක්ෂේත්‍රය තුළම හිටපු දිනිදු පෙරේරා කියන කඩවසම් තරුණයාට හැකියාව ලැබෙනවා. 

ඒ කොහොම වෙතත් කාවින්ද්‍යා කියන්නේ මතුපිටින් පේනවාට වඩා හිත ඇතුලෙන් බොහෝම ශක්තිමත් කෙනෙක්.. ඉතින් ඇගෙන් විවාහය සම්බන්ධයෙන් ගත් තීරණය ගැන අහපුවාම ඇය කිව්වේ මෙන්න මේ වගේ කතාවකුයි 

" විවාහ ගිවිසගැනීමේ කටයුතු ඉවර වෙලා මගේ වාහනය පදවාගෙන එන ගමන් හොදටම අඩලා මම මම ගැනම කල්පනා කළා... ඒකට හේතුව මට කොච්චර ආඩම්බර වෙන්න පුළුවන්ද කියලා. මම මුහුණ දීලා තියෙන දේවල් සමාජය දන්නවා උනත් මම මුහුණ දුන්නු සමහර දේ මම හිතේ හංගාගෙන ඉදලා තියෙනවා. ඒ සියලු දේ ගැන කල්පනා කරලා මෙච්චර දුරක් ඉවසගෙන ඇවිත් හොදට හිතලා බලලා ගත්ත තීරණය ගැන පුදුම විදිහට සතුටු වෙනවා... මට ඒ ගැන ආඩම්බරයි."

ඉතින් ඔය විදිහට තමයි අලුතින් ජීවිතය ආරම්භ කරපු ඇය අදහස් දක්වමින් කියල තිබුණේ.





Comments