”වයිෆ් ප්‍රෙග්නට් කියද්දී මට කේන්ති ගියා” – රහල් අල්විස්
ගායකයෙක් විදියට නිතරම ප්‍රේක්ෂකයන් හමුවට ආවෙ නැතත් ඔහුට ලැබෙන රසික ආදරය නම් කිසිසේත්ම අඩුවක නැතුව ලබා ගන්න කෙනෙක් තමයි රහල් අල්විස් කියන්නේ. පෙම්වතුන් ගැන ගොඩක් ගීත ගායනා කරන රහල්ගේ ගීත අතරින් වඩාත් ආකර්ෂණය වුණ ගීතය තමයි ‘සිතට හොරා මං’ ගීතය. පසුගිය කාලයේදී රහල් ගැන වැඩිපුර සමාජ මාධ්‍ය හරහා අසන්නට ලැබුණා.
ඉතින් ඔහුගේ විවාහයත් එක්ක තමයි හැමෝම නැවත රහල් ගැන කතා කරන්නට වුණේ. ඔහුගේ බිරිද වෘත්තියෙන් ඉංජිනේරුවරියක්. ඇයව ඔහුට මුණ ගස්සවන්නේ රහල්ගේ අම්මා විසින්. ඉතින් ඒ විදියට හමුවෙන ඔවුන් දෙදෙනා දෙතුන් වතාවක් විතර මුණ ගැහිලා ඉක්මනින්ම විවාහ වෙනවා.
ඒ විදියට විවාහ වෙලා සතුටින් ඉන්න රහල් සහ ඔහුගේ බිරිද එකිනෙකා තේරුම් අරන් ජීවත් වෙන්නේ. රහල් කියන්නේ ඔහුගේ ජීවිතේ තියෙන නිදහස කිසිම කෙනෙක්ටවත් නැති කරන්න බෑ කියලා. ඉතින් රහල් අල්විස් කියන මේ ජනප්‍රිය ගායකයා දැන් පියෙක්. නැවතත් රහල් අල්විස් සමාජ මාධ්‍යයේ අවධානයට ලක් වෙලා ඉන්නවා. ඒ ඔහු විසින් රූපවාහිනි වැඩසටහනක දී සිය දියණියගේ උපත ගැන සිදු කළ ප්‍රකාශයක් නිසා…..
”නොහිතපු වෙලාවක තමයි එයා ළඟට ආවේ. වයිෆ් ප්‍රෙග්නට් කිව්වමත් මට අවුල්.. මට මුලින් කේන්ති ගියා. තවත් බන්ධනයක් නේද කියලා…. මම ප්ලෑන් එකකට වැඩ කරන කෙනෙක්. එක ටාගට් එකකට යන කෙනෙක්. දවස් හතම මම වැඩ කරන්න උත්සාහ කරන කෙනෙක්. ඒ වෙලාවේ දී මම හිර වුණා. පස්සෙ ඉතින් මම හිතුවා, කොල්ලෙක් වෙන්න ඇතිනේ කියලා, හිත හදාගත්තා….. පස්සෙ ඩොක්ටර් කිවුවා, දුවෙක් කියලා. දැන් ආයේ අවුල් ගියා….. පස්සෙ කිවුවා, කකුල් දෙක දිහා බැලුවම ‘දුවෙක් වගේ’ කියලා. කකුල් දෙක බලලා කියන්න බෑනේ? පස්සෙ එක්කෙනෙක් මගේ ඔලුවට දැම්මා, දුවෙක් ගෙදරට වාසනාවක්, එහෙම කියලා. අද දුවෙක් හම්බුණා. ඇත්තටම මම හිතනවා, හොඳම කෙනෙක් හම්බුණා කියලා….මම පොඩි කාලේවත් දරුවෙක් වඩාගෙන නෑ. අල්ලගෙනවත් නෑ. මම පළවැනි පාරට ගත්තෙ. ඉතින්…… හොඳයි ඉතින්…’
Comments
Post a Comment