"ඔබට සතුටක් දැනෙනවානම් එය ඔබ නිසා... ඔබට වෙන කිසිවෙකු වගකිව යුතු නැහැ ..."


 අපේ කලා ක්ෂේත්‍රය තුළ සුවිශේෂ වගේම ජනප්‍රිය චරිතයක් තමයි අමායා අධිකාරි කියන්නේ... ඇත්තෙන්ම අමායා කියන්නේ නිහතමානිව තමන්ගේ ගමන පාඩුවේ යන චරිතයක් කිව්වොත් නිවැරැදියි.. 

පහුගිය දිනවල ඇය සිය දියණිය වෙනුවෙන් උපන්දින සාදයක් සංවිධානය කර තිබෙනවාත් අපට දැකගන්නට ලැබුණා. ඇත්තෙන්ම එලෙස උපන්දිනය සැමරූ අමායාගේ ආදරණීය දියණියට සමාජ ජාලා මාධ්‍යය ඔස්සේ සුභපැතුම් රාශියක් හිමිව තිබෙනවාත් අපට දැකගන්නට ලැබුණා.

ඒ විදිහට අමායා සංවිධානය කළ උපන්දින සාදයට අතුල එක්ව සිටීමත් බොහෝදෙනෙකුගේ කතාබහට ළක්ව තිබුණා.. මේ හැම දේකින්ම පස්සේ ඇය මේ කියන්නේ නම් ගොඩාක් වෙනස් කතාවක්. 

ඉතින් ඇය කියල තිබුණේ මෙන්න මේ වගේ කතාවකුයි

"ඔබ දුක් විදිනවානම් ඒ ඔබ නිසා, ඔබට සතුටක් දැනෙනවානම් එය ඔබ නිසා... ඔබට වෙන කිසිවෙකු වගකිව යුතු නැහැ ... වගකිව යුත්තේ ඔබ සහ ඔබ පමණි " 



Comments