" ඉන්නකම් රිද්දපු මිනිස්සු, පණ නැති මළ කදක් ළග විලාප දෙනවා.. ඒ ආදරය කරුණාව, යන්න කළින්ම දැනුණා නම්.. "


 මෙරට කලා ක්ෂේත්‍රය තුළ හිටපු ජනප්‍රිය චරිතයක් තමයි දසුන් නිශාන් කියන්නේ.. ලංකාවේ කොයි කාගෙත් ආදරය හිමිකර ගත්තු ඔහු සියල්ල හැරදා ගිහිල්ල අද වෙනකොට වසර හයක්... 

වසර ගණනාවක් ගතව තිබුණද ඔහුගේ මතකය අදටත් අපේ හිත් පාරනවා.. කොහොම නමුත් දසුන් මෙලොවින් සමුගෙන වසර ගණනාවක් ගතව තිබුණත් ඔහුගේ මිතුරන් ඒ මතකයෙන් තවමත් සුසුම් හෙලනවා... 

සිතිජ කියන්නෙත් අන්න ඒ වගේ මිතුරෙක්... ඉතින් ඔහු හදවත පාරන මේ මතක ගැන මීට දික දවසකට කළින් සටහනක් එක්කරමින් කියල තිබුණේ මෙහෙම කතාවකුයි...

"ඉන්නකම් රිද්දපු මිනිස්සු,
මලගෙදරදි ඇඬුවා මහා හයියෙන් මිනිය බදාගෙනම ,
හැබැයි දැනුනේවත් නෑ දසුන් අයියාට
පපු රිදෙද්දි, හදවතක් අසරන වෙලා විලාප දෙද්දී,
ඒ අසරණ කම එක්ක ජීවත් වෙනකොට,
පිච්චිලා අළු වෙලා යන්නේ
ජීවත් වෙන ජීවිත මිසක්
පණ පොදක් නැති මළ කඳන් නෙවෙයි,
ඉන්නකම් නොතේරෙන ,
සදහටම යන්න ගියාම මිනිස්සුන්ට දැනෙන ,
ඒ ආදරේ කරුණාව,
යන්න කලින්ම දැනුනා නම්
මිනිස්සු සතුටෙන් ඉඳියි
පන ටික යද්දීත් ,තව ජීවත් වෙන්න කාලේ ඉල්ලමින්........

-- සිතිජ ජයසේකර --"





Comments