ඔයත් හැම තිස්සේම උණු වතුර පානය කරනවාද ? එහෙනම් අනිවාර්යයෙන්ම මේ දේවල් ගැනත් දැනුවත් වෙන්න


 හැමෝම හැමවෙලේම ඉතින් වතුර බොනවනේ..


ඉතින් එක එක්කෙනා බොන්නේ එක එක වතුර කිවුවොත් ඔයාලා මා එක්ක එකඟ වෙනවාද?

ඔව් , නේද ? සමහර අය සීතල වතුර බොන්න කැමති වෙද්දී , සමහර අය කැමති උණු වතුර පානය කරන්න.

ඉතින් , අපි අද කතා කරන්න යන්නේ මේ උණු වතුර පානයට ගන්න පිරිස ගැන..

හැබැයි එතින් මේ කතාව ඇහුවට පස්සේ, සීතලට වතුර බොන අයටත් හිතෙයි ද දන්නේ නෑ , උණු වතුරම පානය කරන්න තිබ්බා නම් හොඳයි කියලා...

හරි ඉතින් එහෙනම්, කියවලාම බලන්නකෝ.. ඔයාලත්...,

බර අඩුකර ගැනීමට ,

සෑම උදෑසනකම ලෙමන් කැබැල්ලක් එක්කරන ලද උණු වතුර වීදුරුවක් පානය කිරීම , බර අඩු කර ගැනීමට කදිම විසඳුමක් අපේ ශරීරයේ ඇති මේදය කඩා දැමීමටද උණු වතුර වලට හැකියාවක් තියෙනවා.

උගුරේ සහ නාසයේ සිරවීම් ඉවත් කිරීමට හෙම්බිරිස්සාව කියන්නේ අපි කාටත් එපා කරපු ලෙඩක් සේම නිසා අවහිර වුණු නහය , කසන උගුර වැනි තත්ත්වයන් වලට උණු වතුර පානය කිරීම ඉතා හොඳ විසඳුමක්.

ඔසප් වේදනාව අඩුකර ගැනීමට ,

උදරයේ ඇති මාංශ පේශීන් වලට සහනයක් ලබාදීමේ හැකියාව උණු වතුර වලට තිබෙනවා. මේ නිසා උසප් වේදනාව සමනය කරගන්න උණු වතුර පානය උපකාරී වෙනවා.

සිරුරේ ඇති විෂ ඉවත් කිරීමට ,

උණු වතුර පානය කිරීමෙන් සිරුර තුළ ඇති උෂ්ණත්වය වැඩි වෙනවා. මෙමගින් අධික ලෙස දහඩිය පිට වීමට පටන් ගන්නා නිසා දහඩිය හරහා සිරුරේ ඇති විෂ ද්‍රව්‍ය පිටවෙනවා.

අකලට වයස්ගත වීම නතර කිරීමට ,

අකලට වයස්ගත වීම සිදුවන්නේ සිරුරේ ඇති විෂ ද්‍රව්‍ය නිසයි මේවා ඉවත් කිරීම මඟින් අකලට වයස්ගත වීම වළක්වා ගන්න උණු වතුර පානය කිරීමෙන් වෙනවා. සමෙහි නම්‍යත්වය වැඩි කරන සෛල නැවත සැකසීමේ හැකියාව ඇති නිසා උණු වතුර පානය කිරීම මඟින් ඔබේ සමේ සුමුදු බවත් වැඩි වෙනවා.

Comments