"මගේ හදපිරි සුබ පැතුම් ලොකූ" ඩිල්ශාන්ගේ අඩිපාරේ යමින් දියණියත් දවසක ක්‍රිකට් ක්‍රීඩාවේ පෙරළියක් කරයි වගේ
ඩිල්ශාන් තිලකරත්න කියන්නේ සුවහසක් ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන්ගේ ආදරය හිමිකර ගත් දක්ෂ ක්‍රීඩකයෙක්... ඒ බව අපි ඔබට අමුතුවෙන් කිවයුතු නැහැ...
කොහොමහරි ඉතින් අද අපි මේ විදිහට කතා කරන්න යන්නේ ඔහු ගැනනම් නොවෙයි. ඔහුගේ ආදරණීය දියණිය ලිමන්සා තිලකරත්න ගැනයි...
සිය පියාගේ අඩිපාරේ ගමන් කරමින් ඇය මේවෙනකොට ඇගේ ක්‍රීඩා දිවියේ විශිෂ්ට දක්ශතා දක්වා තිබෙනවා...
ඇය ඕස්ට්‍රේලියාවේ Premier level ක්‍රීඩා කළ ලාබාලතම ක්‍රීඩිකාව බවට පත් වූ අතර ඇය පසුගිය වසරේ ක්‍රිකට් වික්ටෝරියා 2022-23 Vic Country U16 කාන්තා සංචිතයට තේරී පත් වූ අතර මෑතකදී 2023 - 2024 Nationals සඳහා ක්‍රීඩා කිරීමට U16 කණ්ඩායමට නැවතත් තේරී පත්ව තිබෙනවා.
ලිමන්සාගේ දක්ෂතා පසුගියදා ඇගයීමට ලක් කර තිබුන අතර මේ ඇය MCC Premier තරඟාවලියට පෙර හිවැසුම ලබා ගත් ආකාරයයි.
ඉතින් මේ විදිහට දක්ශතා දක්වන ලිමන්සාගේ දක්ෂතා ගැන ඇගේ මව මෙන්න මේ විදිහේ සටහනක් තියල තියෙනවා අපට දැකගන්නට ලැබුණා..







Comments
Post a Comment