පාෂ්ටර්ගේ ම,රණය තවදුරටත් අභිරහසක් නොවෙයි, ඒ ගැන අධිකරණයෙන් ලැබුණු තීන්දුව මෙන්න


 අභිරහස් ලෙස මියගිය ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට හේතුව අද ප්‍රකාශයට පත්කරන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය ඊයේ දැනුම් දුන්නා...


ඒ අනුව, අභිරහස් ලෙස මියගිය ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය ගෙළ සහ මුහුණ මත යෙදූ පීඩනයක් මත සිදුව ඇති බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය අද ප්‍රකාශ කළා.

ඒ අනුව මෙම සිද්ධිය හරහා අපරාධයක් සිදුවී ඇතැයි තීන්දු කළ මහේස්ත්‍රාත්වරිය ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කළේ.

දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය පිළිබඳව සොයා බැලීමට පත් කළ පංච පුද්ගල විද්වත් වෛද්‍ය කමිටුවේ වාර්තාවෙන් අනාවරණ වූ තොරතුරු මත අතිරේක මහේස්ත්‍රාත්වරිය මෙම නිගමනයට පැමිණ තිබෙනවා.

එසේම ඔහුගේ දේහය මෙම මස 04 වන දින ජාවත්ත සුසාන භූමියේදී භූමිදානය කිරීම සඳහා පවුලේ ඥාතීන්ට බාර දෙන ලෙසද මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරනු ලැබුවා.

Comments