ගයාන් පූජනීව විවාහ කර ගන්නවාද ? දෙන්නගේ ආදරය ගැන ගයාන් කියන කතාව
ගයාන් ගුණවර්ධන කියල කියන්නේ මෙරට කලා ක්ෂේත්රය තුළ අතිශය ජනප්‍රියත්වයට පත් කලා කරුවෙක්. රංගන ශිල්පියෙකු ලෙස මෙන්ම ගායකයෙකු ලෙසත් කටයුතු කරන ඔහුට හිමිවෙන්නේ ඉතාමත් ඉහළ ප්‍රේක්ෂක ආදරයක් වගේම ආකර්ෂණයක් බව නොරහසක්...
සිය පියානන් වු නුවන් ගුණවර්ධන වගේම ගීත ගායනයට දක්ෂ ගයාන් ප්‍රසංගයකට සූදානම් වෙන ගමන්ම ඔහුගේ විවාහය ගැනත් පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමින් අදහස් දක්වලා තිබුණා..
ඉතින් මේවෙනකොට ගයාන්ගේ පෙම්වතිය කවුද කියල හැමෝම වගේ දන්නවානේ.. ඇය තමයි පූජානී භාග්‍යා. දෙන්නාගේ විවාහය ගැන අදහස් දක්වමින් ඔහු කියල තිබුණේ මෙන්ම මෙහෙම කතාවක්....
ලඟදි පූජනී එක්ක විවාහ වෙනවා කියන්නේ ඇත්තද ?
"ඔව්.ලබන වසරේ එහෙම දෙයකට ලෑස්තිවෙලා ඉන්නවා.
මගෙ ලොකු ආසාවක් තිබ්බා මගේ තාත්තයි,මමයි, මගේ පුතෙකුයි එකම වේදිකාවේ ගීත ගායනා කරන්න.සීයා,තාත්තා මුණුබුරා කියන තුන්දෙනා අඩුම තරමේ එකම වේදිකාවක ඉන්න වාසනාවක් මට ලැබුනේ නැහැ.
මම ඒ අතින් හරි අවාසනාවන්තයි.
නමුත් මගේ තාත්තගේ මතකයන් මගේ දරුවකුට පෙන්වන්න පුළුවන් වේවි.
ඉතිං ලබන වසරේ මම විවාහ වෙන්න හිතාගෙන ඉන්නවා."
ඒ විදිහට තමයි ඔහු සිය විවාහය ගැන ප්‍රකාශ කරලා තිබුණේ...



Comments
Post a Comment