බංග්ලාදේශ කණ්ඩායමේ නායක ශකීබ් අල් හසන්ට හ,දීසියේ සි,දුවුණු දේ


 බංග්ලාදේශ කණ්ඩායමේ නායක ශකිබ් අල් හසන්ට ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි තරගය අහිමි වී තිබෙනවා.


ඒ ඔහුට සිදුවූ ආබාධයක් හේතුවෙන්.

ඊයේ(06) ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී වම් අතේ ඇඟිල්ලක ඇතිවූ ආබාධයක් හේතුවෙන් ඔහුට මෙසේ ඉදිරි තරග අහිමිව ගොස් තිබෙනවා.

සිදුකළ වෛද්‍ය පරීක්ෂනයේදී අනාවරණය වී ඇත්තේ අස්ථි බිඳීමක් සිදුව ඇති බවයි.

ඊයේ (06) තරගයේදී පන්දුවට පහරදෙමින් සිටියදී පන්දුව අතේ වැදීමෙන් ඔහුව ආබාධයට ලක්වූ බවත් එහිදී ඔහුට තාවකාලික ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව ඔහු අඛණ්ඩව පන්දුවට පහර දෙනු ලැබුවා.

කෙසේ වෙතත් සිදු වූ ආබාධය නිසා එළැඹෙන 11 වැනිදා ඔස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන තරගය සඳහා ඔහුට සහභාවී වීමට නොහැකි බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

Comments