" ඉස්සර නම් මේ වගේ රටකට ඇවිත් මෙහෙ මනුස්සයෙක්ට From Sri lanka කියන්නේ ලොකු ආඩම්බරයකින්" ලංකාවේ ක්‍රිකට් ගැන ප්‍රමුදි එක්කළ සටහන
මෙරට කලා ක්ෂේත්රය තුළ ජනප්‍රියත්වයට පත් කාගෙත් ආදරය මෙන්ම ආකර්ෂණය හිමිකර ගත් චරිතයක් තමයි ප්‍රමුදි කරුණාරත්න කියල කියන්නේ..
ලංකාවේ ඔබට ඇය ගැන අපි අමුතුවෙන් කිවයුතු නැහැ.. කොහොම නමුත් ප්රමුදී මේවෙනකොට විදේශ ගතවෙලා..
මේ දිනවල ලාංකිකයන් අතර නිරන්තරයෙන් කතාබහට ළක්වන ප්‍රධාන මාතෘකාවක් බවට ක්‍රිකට් ක්‍රීඩාව පත්වෙලා තිබෙනවානේ...
ඊට හේතුව වෙන්නේ පහුගිය කාලයේ ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාව විශාල පසුබෑමකට ළක්වීමයි.. ඇත්තෙන්ම මේවෙද්දී ලාංකිකයන් විශාල පිරිසක් ඉන්නේ කලකිරීමකින්.
ඉතින් මේ විදිහට පසුබෑමකට ළක්වෙලා තියෙන අපේ රටේ ක්‍රිකට් ගැන ප්‍රමුදි සටහනක් තබා තියෙනවා අපට දැකගන්නට ලැබුණා. එහිදී ඇය කියල තිබුණේ මෙන්න මේ වගේ කතාවක්..
"ඉස්රනම් මේ වගේ රටකට ඇවිත් මෙහෙ මනුස්සයෙක්ට from sri lanka කියන්නෙ ලොකු ආඩම්බරයකින්
මොකද මෙහෙ මිනිස්සුන්ට sri lanka කියපු ගමන් ඔලුවට එන්නෙ එයාලගේ ජාතික ක්‍රිඩාව එයාලට වඩා හොදට play කරපු sri lanka cricket ඒත් දැන්.. ????
මේ සේරම ඉන්දියාවේ මුදලට සහා ipl නිසා ඒ අභිමානය විනාස කරපු අය මහේලත් ඇතුලුව"

Comments
Post a Comment